News

අන්තර්ජාතික ගුවන් සේවා කටයුතු සඳහා මත්තලට රත්මලානට අවසර

සියලුම අන්තර්ජාතික ගුවන් සමාගම් සහ ආයතනික ජෙට් යානා සඳහා තාක්‍ෂණික ගොඩබෑම, ඉන්ධන පිරවීම සහ කාර්ය මණ්ඩල විවේක විකල්පයන් සිදු කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය මත්තල සහ රත්මලාන අන්තර්ජාතික ගුවන් තොටුපළවලට අනුමැතිය ලබා දී තිබේ.

එහි සභාපති උපුල් ධර්මදාස විසින් නිකුත් කරන ලද නියෝගයට අනුව කොන්දේසි කිහිපයකට යටත්ව ගුවන් කාර්ය මණ්ඩලවලට විවේකයටද අවසර දෙනු ලැබේ.

කාර්ය මණ්ඩල සාමාජිකයින් තම විවේකය අදාළ ගුවන් තොටුපළට පැමිණීමට පෙර තීරණය කළ හෝටලයකින් ලබා ගත යුතු අතර අදාළ හෝටලයේ ස්වයං නිරෝධායනය පවත්වා ගැනීම, කාර්ය මණ්ඩලය ගුවන් තොටුපළේ තාප පරිලෝකනයකට භාජනය වීම සහ නිසි පරිදි සම්පූර්ණ කරන ලද සෞඛ්‍ය ප්‍රකාශන ආකෘති පත්‍රය ගුවන් තොටුපළ සෞඛ්‍ය කාර්යාලයට භාරදීම ඇතුළු කොන්දේසි ගණනාවක් එහි ඇතුළත්ය.

නයන තරංග ගමගේ