අන්තර්ජාලයෙන් මුදල් කොල්ලකෑ විදේශිකයන් 4ක් අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණය ආසන්න ප්‍රදේශයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර නයිජීරියානු ජාතිකයින් 3 දෙනෙකු සහ උගන්ඩා ජාතික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
දිනුම් ඇදීමකින් මූල්‍ය ත්‍යාග හිමි වී ඇති බව පවසමින් සැකකාර විදෙස් ජාතිකයින් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.
ක්‍රෙඩිට් කාඩ්පත් 15 ක් ඔවුන් සතුව තිබී විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.
