නවතම ප්‍රවෘත්ති

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු උද්ඝෝෂණයට මේ වන විට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සිසුන් ටවුන් හෝල් සිට පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට රැස්ව සිටියදී ඔවුන්ට පොලීසිය මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබීය. සිසුන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට කොළඹ 07, වෝඩ් පෙදෙස වසා දමා තිබේ.

කෙසේ වෙතත්  කොටුව පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව උද්ඝෝෂණය සඳහා අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.

එහි සඳහන් වි ඇත්තේ මෙම උද්ඝෝෂණය සාමකාමීව හා නිත්‍යානූකූල අයුරින් පවත්වා ගෙන යෑමට හැකියාවක් ඇති නමුත්, ඒ තුළින් මහජනතාවට හා වාහනවලට බාධාවක්, අනතුරක්, කරදරයක් සිදු වන ආකාරයට මහා මාර්ගයේ ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.