News

අනිල් ජාසිංහ යළිත් කොවිඩ් මර්ධනයට කැඳවයි

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නැවත කොරෝනා මර්දන කාර්ය සාධක බළකායට එක්කර ගැනීමට රජය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතරතුර කොරෝනා මර්දන කාර්ය සාධක බළකායේ රැස්වීම් සඳහා ඉදිරියේදී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එක්කර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් වුයේ සිය කැමැත්තෙන් බවත්, ඔහු එම ධූරයේ කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තනතුර පුරප්පාඩු වී සිටිය අවස්ථාවේදී බවද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.

මේ වනවිට නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත් කොට තිබෙන නිසා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තෙන්ම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වූ බව අමාත්‍යවරිය පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් පැවසුවාය.