අනුන්ගේ බැංකු කාඩ් වලින් කෝටි ගණන් සල්ලි අරන්
අන්සතු බැංකු කාඩ්පත්වලින් බැංකුවලින් රුපියල් කෝටි ගණනක මුදල් ලබාගත් පුද්ගලයකු පෙරේදා (16) වවුනියාව පොලිසියේ විශේෂ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අන්සතු බැංකු කාඩ්පත්වල විස්තර ලබාගෙන ඒ.ටී.එම්. යන්ත්‍රවලින් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම වංචනික ක්‍රියාව සිදුකොට ඇති බව වාර්තා වේ.
ගිණුම් හිමියන්ගේ කාඩ්පත්වල විස්තර ඉතා සූක්ෂම අන්දමට ලබාගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද කාඩ්පත්වලින් මේ අන්දමට සැකකරු මුදල් ලබාගෙන තිබේ.
මොහු මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වෙයි.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලිසිය පියවර ගෙන තිබේ.
