News

අනුමැතිය ලැබුන පසු කොවිඩ් එන්නත ලංකාවටත්

මේ වන විට රුසියාව කොරෝනා එන්නතක් නිපදවා ඇති බව වාර්තා වනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබුන පසු කොවිඩ් මර්ධනය සඳහා රුසියාව නිපදවා ඇති එම එන්නත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධය සඳහා යොදා ගන්නා බව පවසනවා.

මේ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා.

මේ සම්බන්දව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සමග අද දින (21) විශේෂ හමුවීමක් සඳහා එක්වෙමින් අමාත්‍යවරිය අදහස් පලකළා.

එමෙන්ම රජයක් ලෙස කොවිඩ් පාලනය සඳහා ගත් ක්‍රියාමාර්ග ගැන ද තානාපතිතුමන් අදහස් දක්වා ඇති බවට වාර්තා වේ.

තානාපතිතුමන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින් දීර්ඝ කාලින මිතුදම නිසා අනාගතයේ වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩලවලට වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කරන බවයි.