News

අපරාධ රැසකට සම්බන්ධ ධර්මසිරි පෙරේරා අත්අඩංගුවේ

 

රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හිදී අත්අඩංගුවට පත් ධර්මසිරි පෙරේරා නැමැත්තාගේ අපරාධ පිළිබඳ විස්තරයක් බලධාරීන් විසින් නිකුත් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහාන් ප්‍රේමරත්න මහතාගේ මැදිහත්වීම මත ලබාගත් අධිකරණ වරෙන්තුවක් අනුව ජාත්‍යන්තර පොලිසියේ සහයෝගයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එසේම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක ධන්ජයද සිල්වාගේ පියා වන රන්ජන්ද සිල්වා මහතා ඝාතන සිද්දියේ සැකකරුවකු ලෙස පසුගිය (29) වන දා අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම සැකකරු සිදුකර ඇතයි පැවසෙන අපරාධ පිළිබඳ විස්තර පහත දැක්වේ.

* 2018/03/08 – බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම.

* 2018/05/24 – දෙහිවල/ගල්කිස්ස නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා ඝාතනය කිරීමට සැළසුම් කිරීම.

* 2018/12/05 – පොද්දලගේ උදාර සඳරුවන් නොහොත් ‘උදාර‘ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සැළසුම් කිරීම.

* 2019/01/10 – සුමුදු සෙනවිරත්න නොහොත් ‘කුමාර‘ නැමැත්තා පිළියන්දල දී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම.

* 2019/09/02 – ගල්කිස්සේ මහේෂ් උදය කුමාර ඩයස් රත්වත්තේ තියුණු ආයුධවලින් ඇණ ඝාතනය කිරීම.

* ගල්කිස්සේ දී ටී – 56 ගිනි අවි 2ක්, කඩු පිහි මන්නා රැගෙනවිත් චන්දන තිලකරත්න නොහොත් ‘එයාර්ෆෝෂ් සම්පත්‘ගේ නිවසට පැමිණ තර්ජනය කිරීම.

* 2020/03/11 – ගල්කිස්ස සිංහාරගේ විශාඛා දිල්රැක්ෂි නැමැත්තියගේ නිවසේ දොර කඩා ඇතුළු වී සිංහාරගේ දමිතා සිල්වා නැමැත්තිය තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමට සැළසුම් කිරීම.

*2020/02/06 – මොරටුවේ රාත්‍රී කාලයේ නිවසට පැමිණ සාලිය විජේසිංහ පැහැරගෙන ගොස් කපා කොටා මනුෂ්‍ය ඝාතනය සැළසුම් කිරීම.

*2020/05/19 – ගල්කිස්ස සොයිසාපුර පිහිටි ‘මහගෙදර‘ නොහොත් ‘ලක්මැදුර‘ වෙළෙඳසැළට තියුණු ආයුධවලින් පහර දී අලාභ කිරීම හා පුද්ගලයෙකුට තුවාල කිරීම.