News

අපේ හමුදාවේ කොල්ලො හදපු ලෝකෙම හොල්ලපු සුපිරි වාහන ටික

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු‌වේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් උසස් ප්‍රමිතියෙන් යුත් නව වාහන කිහිපයක් නිෂ්පාදනය කර තිබේ.

එම නවෝතපාන පසුගිය 12 වැනි දින යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.

එලෙස නිෂ්පාදනය කරන ලද යුනිකෝන් සහ යුනිබෆල් රථ මේ වන විට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වලදී යොදාගැනීම සිදුකෙරේ.

මේ අතර යුද්ධ හමුදාපතිතුමන් විසින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නවීන කර්මාන්ත ශාලාව ඉදිකිරීම සදහා ද මුල් ගල් තැබීම එදින සිදුකළේය.