News

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වැසේ

සේවකයන් පස්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසි තත්වයක් හේතුවෙන් තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු  තාවකාලිකව වසා දමා ඇත.

තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේ දැක්වුණේ තවකාලිකව වසා දමා තිබෙන කාලය තුළ slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් හෝ ගාස්තු රහිත දුරකතන අංක 800 119 119 ඔස්සේ තානාපති කාර්යාලය හාසම්බන්ධ විය හැකි බවයි.

තානාපති කාර්යාලය වෙත ගාස්තු රහිත දුරකතන අංකය ඔස්සේ දුරකතන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබෙන බැවින් ඇතැම් අවස්ථාවලදී ඔබගේ දුරකතන ඇමතුමට ප්‍රතිචාරයක් දැක්වීමට ප්‍රමාද විය හැකි අතර තානාපති කාර්යාලය විසින් පැය විසි හතරක් ඇතුළත නැවත ඔබ හා සම්බන්ධ වීමට කටයුතු කරනු ඇත.

එම නිසා ඔබගේ ගැටලු හැකිතාක් විද්‍යුත් තැපෑල ඔස්සේ තානාපති කාර්යාලය වෙත යොමු කිරීමට අප ඔබ දිරිමත් කරමු.

මෙම කාලය අතරතුර ඔබගේ ගැටලු පිළිබඳ තානාපති කාර්යාලය නිසි අවධානය යොමු කරන බව සහතික කරමු.