අම්බලන්ගොඩදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
අම්බලන්ගොඩ ප්රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අද (22) උදෑසන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
අම්බලන්ගොඩ පොලීසිය මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
