අම්බලන්තොට පවුල් 3 ක 15 ක් නිරෝධායනයට
කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ පුනුරුත්තාපනය වන පිරිස් හා වැලිකඩ බන්ධනාගාරයේ රදවියෙකුට කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු වීමත් සමග
ඔවුන් සමග සබදතා පවත් වූ අම්බලන්තොට ප්‍රදේශයේ පවුල් 03 ක සාමාජිකයන් 15 ක්
හා අගුනුකොලපලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැදවියන් 22 ක් නිරෝධායනයට
ලක් කිරීම සිදුකෙරිණි .
මෙලෙස නිරෝධායනයට ලක්කෙරුනේ කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ පුනුරුත්තාපනය වන පුද්ගලයින් බැලීමට ගිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් බව
අම්බලන්තොට සෞක්‍ය වෛද්‍ය නිලධාරී යු.පී මාලක මහතා පවසයි.
ඔවුන් අම්බලන්තොට සෞක්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ රිදියගම .මල්පෙත්තාව හා කිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.ඒ අතර වැලිකඩ බන්ධනාගාරයේ රදවියෙකු හට කොරෝනා රෝගය ආසාධිත බව තහවුරු වීමත් සමග වැලිකඩ බන්ධනාගාරයේ සිට අගුනුකොලපලැස්ස
බන්ධනාගාරයට මාරුකෙරුණු රැදවියන් හා නිලධාරීන් 22 ක් ද නිරෝධායනයට ලක්කෙරිණි.
අගුනුකොලපලැස්ස බන්ධනාගාරයේ සිටි රැදවියන් 10 දෙනෙකු නැවත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබු අතර ඉතිරි නිලධාරීන් හා රැදවියන් අගුනුකොලපලැස්ස බන්ධනාගාරය තුලම නිරෝධායනය කිරීමට සෞක්‍ය නිලධාරීන් පියවර ගත්හ.
අම්බලන්තොට – අජිත් පුෂ්පකුමාර
