News

අමාත්‍යාංශ රාජකාරි සඳුදට පෙර අරඹන්න

දිවුරුම් දෙන ලද කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් එළැඹෙන සඳුදා (17 වැනිදා) දිනට පෙර අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබේ.

මහනුවර මඟුල් මඩුවේදී ඇමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති දිවා භෝජන සංග්‍රහයේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව කැබිනට් ඇමැතිවරුන් රැසක් අද (13 වැනිදා) වැඩ භාර ගැනීමට නියමිතය.

ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි වැනි ඇමැතිවරුන් එලෙස වැඩ භාර ගැනීමට නියමිත බව එම අමාත්‍යාංශ නිවේදනය කළේය.

උදයජීව ඒකනායක