News

අමුත්තන්ට බන්ධනාගාර රැදවියන් බැලීම අද සිට තහනම්

දිවයින පුරා සියලුම බන්ධනාගාරවල රැදවියන් බැලීම අද (05) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව බන්ධානාගර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ ඊයේ දිනයේ මහර සහ මීගමුව බන්ධනාගාරවල රැදවියන් බැලීම සදහා අමුත්තන්ට තහනම් කළ බවයි.

ඒ අනුව අද සිට නැවත දැනුම් දෙනතුරු සියලුම බන්ධනාගාරවල රැදවියන් බැලීමට අවස්ථා හිමිනොවනු ඇති.