News

අල්ලස් ගත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් මාට්ටු

රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් නාගරික සංවර්ධන අධිකාරියේ, මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ සැලසුම් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇත්තේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබා දීමට අවශ්‍ය ලියකියවිලි සැකසීම සඳහාය.

අල්ලස් කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.