අල්ලස් ගත් මන්ත්රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්වෙයි
මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්රීවරුන් දෙදෙනෙකු අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනෙකු රුපියල් 150,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගෙන තිබෙන බව සොයාගෙන ඇත.
ඒ, මහනුවර නගරයේ පෞද්ගලික රෝහලක රථ ගාල තුලදීයි.
කටුගස්තොට පාලම ආසන්නයේ ඩිජිටල් පුළුල් තිරයක් සවි කිරීමට අදාළව මහ නගර සභාවේ වැඩකටයුතු කඩිනම් කර ගැනීම සඳහායි මොවුන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව පැවසෙන්නේ.
