අලුත්ගම මංගල උත්සව පොකුර ඉහළට
අලුත්ගම නගරයේ උත්සව ශාලාවක ඉකුත් දෙසැම්බර් 16 වැනි දින පැවැති විවාහ මංගල උත්සවයකදී ඇරඹුණ කොරෝනා පොකුර ඊයේ (5 වැනිදා) වනවිට හැටදෙක දක්වා ඉහළ ගොස් තිබිණි.
මනමාලිය ඇතුළු මෙම උත්සවයට සහභාගි වූ පොතුවිල සහ හොරගස්කැලේ යන ගම්මානවල පදිංචි දෙපාර්ශ්වයේ ඥාතීන්ද උත්සව ශාලා කාර්ය මණ්ඩලයේ කීපදෙනකුද මීට අයත් වෙති.
මෙම පොකුරට අදාළව එකසිය පනහකට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක්කර තිබේ.
ලක්ඛිත විද්‍යාසේකර – කළුතර
