News

අලුත් වන දුම්රිය මාර්ගය

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය වවුනියාව අතර කොටස ලබන වසරේදී මාස හතරක කාලයක් වසා දමා අලුත්වැඩියා කිරීමට මගී ප්‍රවාහන කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

යාපනය – වවුනියාව දුම්රිය මාර්ග කොටස් අලුත්වැඩියා කළ ආකාරයට ලංකා රජයේ ප්‍රතිපාදන මත මෙම දුම්රිය මාර්ග කොටසද අලුත්වැඩියා කිරීමට නියමිතය.

මේ සඳහා ටොන් එක් ලක්ෂ හැටහය දහසක රේල් පීලි මෙරටට ආනයනය කර ඇත.

කැට ගල් ලබා ගැනීම සඳහා ගල් කොරි 15ක් හඳුනාගෙන තිබේ.

උදයජීව ඒකනායක