අලුත උපන් බිලිඳුන් පිටස්තරයන්ගෙන් ප්‍රවේසම් කරගන්න
අලුත උපන් බිලිඳුන්ව පිටස්තර පුද්ගලයන්ට මුහුවීම සියයට සියයකින්ම වළක්වාලන්නැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මවුවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
අලුත උපන් බිලිඳුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉතා අල්ප බැවින් කොරෝනා වෛරසය ඉක්මනින් ආසාදනය වීමේ හැකියාව වැඩි බවද හෙතෙම සඳහන් කරයි.
වෛරසය ආසාදනය වී ඇති මවක් දරු ප්‍රසූතියක් සිදු කළේ නම් එම මව දරුවා අල්ලන සෑම විටම හොඳින් දෑත් පිරිසිදු කිරීමටත්, මුඛ ආවරණයක් පැලඳීමට හා මව්කිරි දීමට පෙර පියයුරු පිරිසිදු කිරීමට වගබලා ගත යුතු යැයිද වෛද්‍ය සමන් කුමාර අවධාරණය කරයි.
ශ්‍රියාණි විජේසිංහ
