අවම මිලකට සූර්ය විදුලිය මිලදී ගැනීමට මණ්ඩලය සැරසේ
මෙම වසරේ තුන්වන කාර්තුව සඳහා පුනර්ජනනීය විදුලිය වශයෙන් සූර්ය බල විදුලිය මෙගාවොට් 150ක ප්‍රමාණයක් මිල දී ගැනිමට රජය විසින් අනුමැතිය ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම සූර්ය බල විදුලිය මිල දී ගනු ලබන්නේ අවම මිල ගණන් යටතේ වන අතර තරගකාරි මිල ගණන් කැඳවීම හේතුවෙන් එක් ඒ්කකයකින් රුපියල් 10ක ඉතිරියක් සිදු වෙයි.
මෙගවොට් එකකින් ඉතිරි වන මුදල රුපියල් 50,000කි. ඒ් අනුව දිනකට ඉතිරි වන මුදල රුපියල් 7,50,000ක් වේ. වසරකට ඉතිරි කර ගත හැකි මුදල රුපියල් ලක්ෂ 2737ක් යැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
එමෙන්ම මෙම වසරේ හතරවන කාර්තුව සඳහා තවත් මෙගවොට් 15ක සූර්ය විදුලිබලය මිල දී ගැනීමට නියමිත අතර ඒ් අනුව මෙම වසර අවසන් වනවිට ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 5474ක මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව හිමි වේ.
පාඩු ලබමින් සිටින ලංකා විදුලි බල මණ්ඩලය 2023 දී ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජය විසින් සැලසුම් කර තිබෙන වැඩ පිළිවෙළ යටතේ මෙම මුදල් ඉතිරිය වඩාත් ඵලදායි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
