ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල දින තුනක් මහජනතාවට තහනම්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත හෙට (07) සිට ලබන 9 වන දින දක්වා මහජනතාවට පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැලැක්වීමේ පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇත.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් සදහා රාජකාරී වේලාවන් වන පෙරවරු 8.00 සිට පස්වරු 4.30 දක්වා පහත දුරකථන අංක මගින් හෝ ඊ-මේල් මගින් අදාල අංශ සම්බන්ධ කොට ගෙන කටයුතු සලසා ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

