News

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොවිඩ්

තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.

ඊයේ(20) දිනයේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්ථා අනුව ඒ බව තහවුරු වු බවතලවාකැලේ ලිඳුල සෞඛ්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන මහතා පවසයි.

ආසාදිත සභාපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර සිට ඇති අතර සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව අදාළ සභාපතිවරයා, රැස්වීම් කිහිපයකට සහභාගී වී ඇතැයි ද වාර්තා වී තිබේ.

එම රැස්වීම් සඳහා නුවරඑළිය, තලවාකැලේ ලිඳුල, කොටගල, ආගරපතන, නො(ර්)වුඩ්, මස්කෙළිය හා අඹගමුව යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරු හා නගරාධිපතිවරු රැසක් සහභාගී වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කළ සභාපතිවරයාට එරෙහිව නුවරඑළිය මහෙස්‍ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බවත් සෞඛ්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පවසයි.