News

ආනයනකරුවන් කොත්තමල්ලි වෙනුවට කසල ආනයනය කරලා

කොත්තමල්ලි බව පවසා යුක්රේනයේ සිට ආනයනය කළ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය බහාලුම් 28 ක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආනයනකරුවන් අටදෙනකු විසින් කොත්තමල්ලි බහාලුම තුළ තිබෙන බවට ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙම අපද්‍රව්‍ය මෙරටට රැගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. මේ වනවිට​ බහාලුම් 24 ක් කොළඹ වරාය තුළ ඇති අතර ඉතිරි බහාලුම් 4 ශ්‍රී ලංකා රේගුවේ බහාලුම් පරීක්ෂා කිරීමේ අංගණයේ තැන්පත් කර තිබේ.

බහාලුම් පරීක්ෂා කිරීමට එක් වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පැවැසුයේ මෙම අපද්‍රව්‍ය නිෂ්පාදිත රටට ප්‍රති අපනයනය කළ යුතු බවයි. ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. වී. රවිප්‍රියගේ නියෝග මත ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය ඉදිරි විමර්ශන පවත්වයි.

හේමන්ත ලියනපතිරණ