News

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇප මත මුදැ හැරේ

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නේවි සම්පත් හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට සැඟවී සිටීමට ආධාර හා අනුබල දුන් බවට සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (05) නියෝග කළා.

තරයේ අවවාද කර මහේස්ත්‍රාත්වරයා මෙහිදී සිටියේ, විමර්ශනවලට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට හෙළි වුවහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවන දිනකදී එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිට ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබා දෙන ලෙසට ද සැකකරුට එහිදී මහෙස්ත්‍රාත්වරයා අවවාද කළා.

ඡායාරූප – සමන් අබේසිරිවර්ධන