ආශු මාරසිංහ සහ මද්දුමබණ්ඩාර පාස්කු කොමිසමට
ප්‍රකශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරුන් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.
අද දින (02) උදේ 9.30ට පමණ ඔවුන් එම ස්ථානයට පැමිණ ඇත.
නමුත් ආශු මාරසිංහ මහතා පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත ලිපියක් භාර දීමෙන් පසු පිටව ගොස් ඇත.
රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා මේ වන විටත් පොලිස් ඒකකයේ ප්‍රකාශ ලබාදෙමින් සිටින බව වාර්තා වේ.
