News

ආසාදිතයන් සොයාගන්න ඇඟලුම් කම්හල් හිමිකරුවෝ රුපියල් මිලියන 246ක් වියදම් කරලා

ගෙවුණු සති හතරක කාලයේදී රට පුරා පිහිටා ඇඟලුම් කම්හල් එක්දහස් නවසීයකට ආසන්න ප්‍රමාණයකින් කොවිඩ් 19 ආසාදිතයන් එක්දහස් හයසීයකට වැඩි පිරිසක් හමු වී ඇත. එම ඇඟලුම් කම්හල් හිමියන් රුපියල් මිලියන 246ක් වැය කරමින් පසුගිය ඔක්තෝබර් 08 වැනි දින සිට නොවැම්බර් 04 වැනි දින දක්වා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලදීය.

ආයෝජන මණ්ඩල කලාපවල පිහිටි කර්මාන්තශාලාවල සේවය කරන එක්ලක්ෂ තිස්තුන්දහසකින් විසි දහස් හත්සිය දාහතරක සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් අසාදිතයන් 460ක් හමුවී ඇත. ඉන් 438ක් කටුනායක පිහිටි කර්මාන්තශාලාවලින්ය.

ඊට අමතරව ආයෝජන කලාපවලින් පිටත පිහිටි කර්මාන්තශාලා 1615 ක සේවය කරන පන්ලක්ෂ අසූදහසක් වූ සේවකයන්ගෙන් දාහතර දහස් එකසිය පනස් තුන් දෙනකුගේ (14153) සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයන් එක්දහස් එකසිය හැත්තෑ දෙදෙනකු (1172) හමුවී ඇත. ඉන් 1054 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ.

චමින්ද සේනාරත්න