ආසාදිතයෙක් හමු වූ පමණින් කඩ වහගෙන ඉන්න එපා!
කොවිඩ් -19 ආසාදිතයකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතු වූ පමණින් වෙළෙඳසල් සහ විවිධ ආයතන දීර්ඝ කාලයක් වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ යම් ස්ථානයකින් ආසාදිතයකු වාර්තා වූ පසු එම ස්ථානය විෂබීජහරණය කර දින කිහිපයකින් යළි විවෘත කිරීමට හැකි බවය.
කොවිඩ් -19 ආසාදිතයකු වාර්තා වූ පමණින් එවැනි ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීම මගින් සේවා සපයා ගන්නා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවද හෙතෙම සඳහන් කරයි.
චාමර පල්ලේගෙදර
