ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් 143ක් අත්අඩංගුවට
පැය 6 ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඇඳරි නීතිය ක්‍රියාත්මක ඊයේ (28) රාත්‍රී 10 සිට අද (29) අලුයම 4.00 දක්වා කාලය තුළ වාහන සංඛ්‍යාව 45 ක් සිය භාරයට ගත් බවයි.
ඇඳරි නීතිය ක්‍රියාත්මක කළ පසුගිය මාර්තු 20 වන දා සිට අද (29) අලුයම 4.00 දක්වා කාලය තුළ පුද්ගලයින් 66,662 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලය තුළ පොලීසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 18778ක්.
