News

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙවිත් තිබේ.

පෙරවරු 11.00ට පමණ හිටපු අමාත්‍යවරයාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඉදිරිපස ආලින්දයේ පිහිටි ශාලාවේ තැන්පත් කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ,හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,හිටපු කතානායක කරූ ජයසූරිය මහත්වරු ප්‍රමුඛ මැති ඇමැතිවරු සහ හිටපු මන්ත්‍රීවරු තොණ්ඩමාන් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියහ.

දේහය අද (28) පස්වරුවේ හැටන් නොර්වුඩ් ප්‍රදේශයට රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු එළඹෙන 31 වනදා නොර්වුඩ් ක්‍රිඩාංගණයේදී සිදු කිරිමට නියමිතයි.