ඇමරිකානුවන් දෙදෙනෙක් අරන් SpaceX හෙට අහසට
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) යනු අභ්‍යවකාශයෙහි රඳවා ඇති පර්යේෂණාගාරයකි.
එය ගමන් කරමින් ඇත්තේ පෘථිවියේ සිට කි.මී. 400 ක් පමණ ඉහළිනි.
විවිධ රටවල අභ්‍යවකාශගාමීහු වරින් වර එහි යමින් විවිධ පර්යේෂණ කටයුතුවල නිරත වෙති.
මේ ආකාරයෙන් තවත් ඇමරිකානු අජටාකාශගාමීන් දෙදෙනකු හෙට (27 වැනිදා) මෙම අභ්‍යවකාශ පර්යේෂණාගාරය බලා පෘථිවියෙන් පිටත්වීමට නියමිතය. ඒ, ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් යන දෙදෙනායි.
