News

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂයට ළඟා වෙයි

ලොව පුරා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 347,946 දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,591,677ක්.

ඉන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, ලොව වැඩිම මරණ සංඛ්‍යාව ද වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,706,226ක් වන අතර, එරටින් මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 99,805ක්.

ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් බ්‍රසීීලයෙන් වාර්තා වේ.

එම සංඛ්‍යාව 376,669ක්.

එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 23,522ක්.

රුසියාවෙන් ආසාදිතයින් 353,427ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 282,480ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 261,184ක්, ඉතාලියෙන් ආසාදිතයින් 230,158ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 182,942ක්, ජර්මනියෙන් ආසාදිතයින් 180,789ක්, තුර්කියෙන් ආසාදිතයින් 157,814ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 145,456ක්, ඉරානයෙන් ආසාදිතයින් 137,724ක් සහ පේරු රාජ්‍යයෙන් ආසාදිතයින් 123,979ක් වාර්තා වේ.

ඇමෙරිකාවට පසුව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන් වන අතර, එම සංඛ්‍යාව 36,914ක්.

ඊට අමතරව ඉතාලියෙන් මරණ 32,877ක්, ප්‍රංශයෙන් මරණ 28,432ක්, ස්පාඤ්ඤයෙන් මරණ 26,837ක් සහ බ්‍රසීලයෙන් මරණ 23,522ක් ලෙස වාර්තා වේ.