ඇල්ටෙයාර්ර් සුපිරි නිවාස ව්‍යාපෘතියේ විශේෂ තනතුරක් නිමල් පෙරේරාට
කොළඹ නගරයේ ආකර්ෂණීය ගොඩනැගිලි සංකීර්ණයකින් යුත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘ඇල්ටෙයාර්’ ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) සමාගමේ සභාපතිවරයා වන නිමල් පෙරේරා විශේෂ බලයලත් නිලධාරියා ලෙස පත් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කර 2017 වසරේදී ගැනුම්කරුවන් වෙත භාරදීමට නියමිතව තිබිණි.
‘ඇල්ටෙයාර්’ ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයකු වන ඉන්ඩොඒෂියන් ඩිවෙලොපර්ස් (Indoasian Developers Ltd) විදේශීය කොටස් හිමියන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාද වී ඇත. ඊට අදාළ නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේ විභාග වේ.
වත්මන් ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටියදී නිෂ්කාශණය කළ පළමු ව්‍යාපෘතිය ‘ඇල්ටෙයාර්’ වන අතර එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය දරන ලද්දේ නිමල් පෙරේරාය.
නිවාස ඒකක 400කින් සමන්විත මෙම ව්‍යාපෘතියෙන් නිවාස 270ක් පමණ මේ වන විටත් මිලදී ගෙන අවසන්ය. ඉතිරිය විකුණුම් පටිපාටියේ විවිධ අදියරවල පවතී. මෙම නිවාසවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් 525,000 සිට ඩොලර් මිලියන දෙක දක්වා වූ පරාසයක පවතී.
නයන තරංග ගමගේ
