News

ඇසළ පෙරහැරට කප් සිටුවයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ   දේවාළයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අද (21) ආරම්භ වීය.

නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සතර මහ දේවාළයන්හි අද (21)  අලුයම 2.26 ට සුභ මුහුර්තියට අනුව උතුරු දිශාභිමුඛව කප් සිටුවීම සිදු වන  බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසිය.

කුඹල් පෙරහර 25 සිට 29 දක්වා පැවැත්වෙන් බවත් අනතුරුව 30 ප්‍රථම  රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන බවත් පැවසූ දෑල බණ්ඩාර මහතා අවසන්  රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 03 දින රාත්‍රියේ  වීදී සංචාරය කරන බවත් හෙතෙම කීය.

පසුදින දවල් පෙරහර වීදී සංචාරය කිරීමෙන් පසු මහනුවර ජනපති මන්දිරයේදී  පෙරහර අවසන් කිරීමේ රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඉතා චාම්ව  මෙවර පැවැත්වීමට සැළසුම්කර තිබෙන බවද දියවඩන නිළමේ අවධාරණය කළේය.

කොවිඩ්-19 වෛරසය තවමත් රටින් සම්පූර්ණයෙන්ම තුරන්ව ගොස් නොමැති නිසා
සෞඛ්‍ය උපදෙස් මත මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ජනතා සහභාගිත්වයකින් තොරව පවත්වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා පවසයි.

මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ  අනුශාසන පරිදි ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහ දේවාළයන්හි පෙරහර අලි  ඇතුන්ගේ සහ නර්තන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් ඉතා විචිත්‍රවත්ව  පැවැත්වීමට සැළසුම්කර තිබෙන බවත් ජනතා සහභාගිත්වයකින් තොරව වුවත්  පෙරහර පෙර වසර වල මෙන්ම මහනුවර නගරයේ සියලු වීදි වල ගමන් ගන්නා බවත් ඒ මහතා කීය.

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේදී  පැවැති මාධ්‍ය හමුවකදී දෑල බණ්ඩාර මහතා මේබව ප්‍රකාශ කළේය.

මෙම මස 21 දින අලුයම 2.26 ට යෙදෙන සුබ නැකතට අනුව  නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාළයන්හි කප් සිටුවීමෙන්  මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන බවත් දේවාළ අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහර ජූලි 25 දින වීදී සංචාරය කරන බවත් හෙතෙම පැවසුවේය.

අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේ සිට පුරාණ චරිත්රානුකුලව පෙරහැරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත කප රැගෙන ආ අයුරු මෙහි දැක්වේ .