ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක්
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.280 දුරින් (10.0N, 83.3E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුළ චන්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැකි බවයි.
මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි.(60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල අහස වලාකුළු වලින් බරව පවතිනු ඇත.
උතුරුසහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතරඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, වයඹසහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.
තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
