News

ඉන්දියාවේ හා එංගලන්තයේ සිරවී සිටි පිරිසක් දිවයිනට

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ මහරෂ්ට්‍ර ප්‍රාන්තයේ සහ තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් ඔවුන් අද(20) අළුයම මෙරටට පැමිණ තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු සහ මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු ද මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද උදෑසන ඔවුන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

එම පිරිස ලන්ඩන් හි හීත්‍රෝ ගුවන් තොටුපලේ සිට මෙරටට පැමිණ ඇති බව සඳහන්.

දෙරටින්ම පැමිණි පිරිස් ගුවන්තොටුපල පරිශ්‍රයේදී පී.සී.ආර් පරික්ෂණ සදහා යොමු කර තිබේ.