ඉන්දියාව ලූනු අපනයනය තහනම් කරයි
සියලුම ලූනු වර්ග අපනයනය තහනම් කිරීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි ලූනු වර්ග අපනයනය නතර කිරීමට මේ ආකාරයෙන් තීරණය කර ඇත්තේ පසුගිය දිනවල එරට ලූනු මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාම නිසාය.
ඉන්දියාවේ දකුණු ප්‍රදේශවලට ඇද හැලුණු වර්ෂාව නිසා අස්වනු විනාශ වීම හේතුවෙන් ලූනු සැපයුමට බාධා ඇති වීම මෙම තත්ත්වයට බලපා ඇති බව වාර්තා වෙයි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ ලූනු ටොන් එකක තොග මිල ඉන්දියානු රුපියල් 30,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එය ලංකා රුපියල්වලින් 75,000කට ආසන්න මුදලකි.
ලෝකයේ වැඩියෙන්ම ලූනු අපනයනය කරන රට ඉන්දියාවයි. දකුණු ආසියානු කලාපයේ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මැලේසියාව වැනි රටවල් විශාල වශයෙන් ඉන්දියානු ලූනු ආනයනය කරයි.
සහන් වික්‍රමගේ
