ඉන්දුනීසියාවේ ගුවන් යානයක් අතුරුදන් වෙයි
ඉන්දුනීසියානු මගී ගුවන් යානයක් අතුරුදන් වී තිබේ.
මගීන් 56 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු ශ්‍රී විජය ගුවන්සමාගමට අයත් එයාර් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් එලෙස අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියාවේ ජකර්තා හි සිට බෝර්නියෝ දූපත බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක් අතුරුදන්ව ඇත.
ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ද සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
