News

ඉන්ධන හල තුළ ගිනිගත් ත්‍රීරෝද රථය

 

වැල්ලවාය – ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇත.

ත්‍රීරෝද රථය නවතා ඉන්ධන ලබා ගනිමින් තිබිය දී එම ගින්න හට ගෙන ඇත.

පසුව එම ස්ථානයේ සිටි ඉන්ධන පොම්පකරුවන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට සමත්වී ඇත. ගින්න නිවාදැමීමට සමත්වූ හෙයින් සිදුවීමට ගිය විශාල අනතුරක් මඟහැරී ගොස් තිබේ.