ඉසුරුපාය යළි විවෘතයි
කොවිඩ් ආසාදිතයෙකු හමුවීමත් සමග තාවකාලිකව වසාදැමූ බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ල හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකුට කෝවිඩ් අසාදිත බව ඊයේ (03) ලැබුන පුවත අනුව විෂබීජහරණ කටයුතු සිදුකොට නැවත ආයතන පරිශ්‍රය රාජකාරි සඳහා සුදුසු තත්ත්වයට පත් කර ඇති බවද පවසනවා.
ඒ අනුව රටතුල’ මේ වන විට ක්‍රියාත්මක රජය හඳුන්වා දී ඇති නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදය සහ ආයතන ප්‍රධානියාගේ කැඳවීම් අනුව රාජකාරි ක්‍රියාත්මක නිලධාරීන් රාජකාරියට වාර්තා කිරීමේ ක්‍රමය අනුව වැඩ කිරීමට හෙට සිට අධ්‍යාපන අමාත්‍යංශය සියලු කටයුතු සූදානම් කර ඇති බවද වාර්තාවේ.
