උඩින් යැවූ පාර්සලය අහුලන්න ගිය නියාමකවරියන්ට ගුටි
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට පිටතින් වීසි කළ පාර්සලයක් අහුලා ගැනීමට ගිය බන්ධනාගාර නියාමකවරියන් දෙදෙනකුට කාන්තා රැඳවූවන් පිරිසක් ඊයේ (19දා) පහර දී තිබේ.එලෙස පහර දීමෙන් අනතුරුව බන්ධනාගාර භූමියට පතිත වූ පාර්සලය කාන්තා රැඳවූවන් පිරිස විසින් පැහැරගෙන යනු ලැබීය. බන්ධනාගාර නිලධාරීන් එම පාර්සලය සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරන බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
පාර්සලයත් පැහැරගෙන ගිහින්
හේමන්ත ලියනපතිරණ
