උත්සව සමයේ මත්පැන් සාද නවත්වන්න
එළැඹෙන උත්සව සමය තුළ මත්පැන් සාද, ප්‍රියසම්භාෂණ පැවැත්වීමෙන් වළකින්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පවුලේ නෑ හිත මිතුරන්, යහළුවන් එකතු වී නිවෙස් තුළ පවත්වන ප්‍රියසම්භාෂණ හේතුවෙන් කොවිඩ් වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවත් එසේ වුවහොත් ඉදිරියේදී රට සාමාන්‍යකරණයට පත් කිරීමට ගෙන තිබෙන තීරණය හකුළා ගැනීමට සිදුවනු ඇති බවත් සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කරයි.
විශේෂයෙන්ම මත්පැන් සාදවලදී දුම්පානයද සිදුවන බැවින් එක් දුම්වැටියක් පුද්ගලයන් කීපදෙනකු අතර හුවමාරු වීම කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ ප්‍රබල අවස්ථාවක් බවද ඔහු පෙන්වා දේ.
දුර බැහැර ප්‍රදේශවල සිටින තම නෑ හිතමිතුරන්ව තම නිවසට කැඳවා නොගෙන මෙවර නත්තල සහ අලුත් අවුරුද්ද සැමරීම මගින් කොවිඩ් වයිරස ව්‍යාප්තිය යම්තාක් දුරකට පාලනය කරගැනීමට හැකිවන බැවින් ඒ සඳහා රටේ සියලුම ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවද සංගමය සඳහන් කරයි.
ශ්‍රියානි විජේසිංහ
