News

උත්සව සමයේ සංචරණය සීමාකිරීමට අවධානය

එළඹෙන උත්සව සමය සමග සංචරණය සිමා කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

එසේම කොළඹ නගර සීමාව තුළ කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම වේගවත් කිරීමට සඳහා අද (07) සිට PCR පරික්ෂණ වැඩි කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් මෙලෙස සඳහන් කර ඇත.

“ඉදිරියේදී උත්සව සමයත් එක්ක අපිට සංචරණය තවත් අවම කිරීම සඳහා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒක නීතියට වඩා, අපි සියලුදෙනාම එකතු වෙලා ඒ සංචරණය සීමා කිරීම තමයි වැදගත් වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ නගර සභාවේ නායකත්වයෙන් මේ ප්‍රදේශව PCR පරීක්ෂාව සහ ඇන්ටිජන් රැපිඩ් ටෙස්ට් කිරීමේ ක්‍රියාවලිය තවත් වැඩි කරලා උපරිම පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකරමින් හැකි පමණ රෝගීන් හොයා ගනිමින් හැකි ඉක්මණින් යම් ආකාරයක සමනයකර ගැනීමක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණයක් අරගෙන තියෙනවා,”