News

උප අගමැති ධුරයක් ගැන තවම සාකච්ඡා නෑ

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ගැන ආණ්ඩුව විසින් තවමත් නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ඉදිරි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඕනෑම ධූරක් නිර්මාණය කළ හැකි නමුත් නියෝජ්ය අගමැතිධූරක් පිළිබඳ තවත් සාකච්ඡ කර නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරට පවසා සිටියේය.

ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ අතර එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කර ඇත.