News

එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණෙන් රනිල්ට ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂය ලබන පරාජය හමුවේ පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. මෙසේ ඉල්ලීම කර ඇත්තේ එම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණයි.

එහි ප්‍රධාන ලේකම් පුජ්‍ය තිනියාවල පාලිත හිමි සඳහන් කරන්නේ අදාළ ඉල්ලීම වික්‍රමසිංහ මහතා නොසලකා හරින බවයි.

ඊයේ දිනයේ (19) සවස කොළඹ පවති මාධ්‍ය හමුවකදී පුජ්‍ය තිනියාවල පාලිත හිමි මෙම අදහස් පළ කළා

වැඩි දුරතත් අදහස් දැක්වූ උන්වහන්සේ අදහස් දැක්වුයේ වසර 26ක පමණ කාලයක් නායකත්වයේ සිට කර ගැනීමට අපහසු වූ කරණා බොහොමයක් ඇති බවයි.