News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.

අද (10) අලුයම 4.50ට පමණ එම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව වාර්ථා වෙයි.

එරට රැකියා සදහා පිටත්ව ගොස් සිටි ශ්‍රි ලාංකිකයන් පිරිසක් මෙලෙස යළි පැමිණ තිබේ.

ජපානයේ සිටි ශ්‍රි ලාංකිකයන් 05දෙනෙකුද, අද(10) අලුයම දිවයිනට පැමිණ තිබෙන අතර දේශිය නැවක සේවය කිරීම සඳහා විදේශිය නාවිකයන් 24 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බව වාර්ථා වෙයි.

පැමිණි සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.