නවතම ප්‍රවෘත්ති

එජාපයේ ප‍්‍රතිසංවිධාන කොට උඩ

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඇන හිට ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.

ඊට හේතු වී ඇත්තේ ප‍්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කර ඇති එජාප ජේෂ්ඨයින් ඒ සම්බන්ධයෙන් දක්වන මන්දගාමිත්වය බව සදහන් වේ.

ප‍්‍රතිසංවිධාන කටයුතුවල මන්දගාමිත්වය සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය දක්වන නමුත් එසේ විරෝධය දැක්වීමට පසුපෙළ මන්ත්‍රීවරුන්ට අයිතියක් නොමැති බව එජාප ජේෂ්ඨයින් පක්ෂ නායත්වයට දන්වා ඇති බවද වාර්තා වේ.

මීළග එජාප නායකත්වය සදහා සජිත් පේ‍්‍රමදාස, රවී කරුණානායක, නවීන් දිසානායක හා හරින් ප‍්‍රනාන්දු යන ඇමතිවරුන් අතරින් කෙනෙකු සුදුසු බවට ප්‍රතිසංවිධාන කමිටුව හදුනා ගෙන ඇති බවද එම ආංචි මාර්ග පවසයි.