News

එජාපයේ විනය පරීක්ෂණවලට අපි බය නෑ – සමගි ජනබලවේගය

එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර ඇති විනය පරීක්ෂණවලට බිය නොවන බව සමගි ජන බලවේගය පවසයි. හැකි නම් විනය පරීක්ෂණ පවත්වන ලෙසත්, මහ මැතිවරණයෙන් පසු පක්ෂයේ බලය අල්ලා පක්ෂය ශක්තිමත් කරන බවත් හිටපු පා​ර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ‘අරුණ’ට පැවැසීය.

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමගි ජන බලවේගය බිහිකිරීමට අනුමැතිය ලැබුණු බව ඔහු පෙන්වා දෙයි. එම නිසා සමගි ජන බලවේගය බිහි කළ බවත් නායකත්වට සජිත් ප්‍රේමදාසත්, මහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාරත් පත්කිරීමට අනුමැතිය ලැබුණු බවද ඔහු සඳහන් කරයි.

එම නිසා කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුව කඩකර ඇත්තේ රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම් හා රවි කරුණානායක යන අය බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙම තිදෙනාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම සුදුසු බවට තමා යෝජනා කරන බවද ඔහු පවසයි.

උදයජීව ඒකනායක