එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තේරීපත්ව තිබේ.
අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් ඔහු එම තනතුර සඳහා තෝරාගත් බවට තොරතුරු වාර්තා වේ.
පක්ෂයේ උප නායකයා ලෙස කටයුතු කරන රවී කරුණානායක මහතා ඔහු සමඟ එම ධුරය සඳහා තරගකර ඇත.
ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගත් බව වාර්තා වේ.
