Top Story

එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කරන්න නැත්නම් අය වැයට ඡන්දය දෙන්නේ නෑ

එළඹෙන අයවැයට සහය දීම සඳහා එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීමේ කොන්දේසිය දෙමළ ජාතික සන්ධානය රජයට ඉදිරිපත් කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා පවසයි.

උතුරු පළාත් මහ ඇමති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.

උතුරු පළාත් දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන සාමාජිකයින් සමඟ පසුගිය දා උතුරු පළාත් මහඇමති සි.වි.විග්නේෂ්වරන් මහතා සාකච්ඡාවකට එක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා පැවුසවේ කරුණා අම්මාන් වැනි පුද්ගලයන් කළ අණ ක්‍රියාත්මක කළ තරුණයින් අවුරුදු 18 ක් 19 ක් පමන කාලයක් බන්ධනාගාරගතව සිටින බවත් අණ දුන් පිරිස එළියේ සිට ලස්සනට ජිවත් වන බවත් මෙම තත්ත්වය ජනතාව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය බවත් ඔවුන් තීරණය කළ බවයි.

ඉදිරියේදි පවතින අය වැය විවාදයේදි තීරණයක් ගනිද්දි දෙමළ සිරකරුවන් වහාම නිදහස් කළේ නැත්නම් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බවට රජයට දැනුම් දෙන බවට ප්‍රකාශ කිරිමට සිවිල් සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවේදි ඔවුන් තීරණය කළ බවට ඒ මහතා වැඩිදුරටත් පැවසීය.