Food

එළවළු බත් හදමු!

අවශ්‍ය ද්‍රව්‍ය

ගිතෙල් දමා පිසගත් බත් කෝප්ප 5

කොත්තමල්ලි කොළ කෝප්ප 1

තරමක ප්‍රමාණයකට කොටු කපා බැදගත් කැරට් කෝප්ප 2

තරමක ප්‍රමාණයට කොටු කපා බැදගත් අර්තාපල් කෝප්ප 2

තරමක ප්‍රමාණයට කොටු කපා බැදගත් වම්බටු ​කෝප්ප 2

තරමක ප්‍රමාණයට කොටු කපා බාගෙට බැදගත් හරක් මස් හෝ කුකුල් මස් කෝප්ප 2

සුදුලූනු මේස හැඳි 2 1/2

රතුලූනු මේස හැඳි 5

ඉඟුරු මේස හැඳි 2

සුවඳ කුඩු මේස හැඳි 2

තුනපහ මේස හැඳි 4

එනසාල් 4

කරාබුනැටි 4

කුරුඳු අඟල් 1ක ප්‍රමාණයේ කැබලි 1

රම්පේ අඟල් 1 ප්‍රමාණයේ කැබලි 1

තක්කාලි කෝප්ප 1/2

 

සාදාගන්නා ක්‍රමය

භාජනයකට තෙල් ස්වල්පයක් දමා රත්කොට ඊට රතුලූනු, සුදුලූනු, ඉඟුරු, එනසාල්, කුරුඳු, කරාබුනැටි සහ රම්පේ දමා හොඳින් බැදගන්න. ඉන්පසු එයට තක්කාලි මුසුකොට පසුව තුනපහ සහ සුවඳ කුඩු දමා මස් ද ඊට එක්කරගන්න. මස් තරමක් දුරට බැදුනු පසු බත්ද එයට මුසු කරගන්න. මේ සියල්ලම කළ යුතු වන්නේ මද ගින්නේය. ඉන්පසු ලිප නිවා දමා බත්වලින් බාගයක් ඉවත්කොට බැදගත් සියලුම එළවළු, කොත්තමල්ලි කොළ ඊට මුසුකොට ඉතිරි බත් ප්‍රමාණයද, එළවළු ප්‍රමාණයද ඊට එක්කර සීරුවෙන් මිශ්‍ර කරගන්න. 

 

ආහාර වට්ටෝරුව එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් රචිත ‘රසින් සපිරි මැලේ බොජුන්’ පොතෙන්…