News

එළවළු වෙළෙඳපොළක 58 කට කොවිඩ්

යාපනය, උඩුවිල් මරදනාමඩම්හි එළවළු පොදු වෙළෙඳ පොළෙහි කොරෝනා ආසාදිතයින් 58 දෙනෙකු දින 5 ක කාලයක් තුළ හඳුනා ඇති බව වාර්තා වේ.

මරදනාමඩම් පොදු වෙළෙඳ පොළට පසුගිය දිනක එළවළු ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථ රියැදුරෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

ඔහුගේ මව, පියා හා දියණියට ද කොරෝනා ආසාදනය වී ඇතැයි පී. සී. ආර්. පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

ඒ අනුව එම පොදු වෙළෙඳ පොළෙහි වෙළෙන්දන් සහ ආශ්‍රිතයන් 58 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව අනාවරණය වී තිබේ.

එම වෙළෙඳ පොළට ගිය සහ එහි වෙළෙන්දන් ඇසුරු කරන ලද පුද්ගලයන්ට ළඟම පිහිටි සෞඛ්‍ය නිලධාරී කාර්යාල හෝ ආරක්ෂක ස්ථාන වෙත ගොස් ලියාපදිංචි වී නිරෝධායනය වන ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ. කේදීස්වරන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.